Posts

Showing posts from 2017

ඇල්ගී.....

Image
ඇල්ගී බොහෝ ඇල්ගි වර්ග ශාක රාජධානිය යටතට වර්ගිකරණය නොකෙරේ. ඇල්ගි වර්ග විවිධ කාණ්ඩ වලට අයත් ඇල්ගි වර්ග ප්‍රභාසංස්ලේශණය මගින් ශක්තිය නිපදවන ජීවින් විශේෂ වේ. මින් එක් එක් ඇල්ගි විශේෂ ප්‍රභාසංස්ලේශණය නොකරන වෙනස් පුර්වජයින්ගෙන් පැවත එයි. මෙම ඇල්ගි අතුරෙන් වඩාත් පැහැදිලි විශේෂය වනුයේ ශාක සමුද්‍ර විශේෂයි. මොවුන් බහු සෛලික ඇල්ගි විශේෂ වන අතර දළ වශයෙන් භෞමික ශාක වලට සමානකම් දක්වයි. නමුත් මේවා කොළ, රතු සහ දුඹුරු ඇල්ගි ලෙසට වර්ගිකරණයක් සිදු කරනු ලබයි. මෙකී එක් එක් ඇල්ගි වර්ගද විවිධ අන්වීක්ෂීය සහ එක් සෛලික විශේෂ ලෙසට වර්ගීකරණය කර ඇත. ඇල්ගි වර්ග අතරින් වර්ග දෙකක් පමණක් භෞමික ශාක වලට (Emvriophytes) සමීප සම්බන්ධතාවයක් ඇතැයි සැලකේ. මින් මුල්ම කාණ්ඩය වනුයේ Charophyta වන් වන අතර එමගින් embryophyta වන් ඇති වු බවට සැලකේ. Emdryophyte සහ Charophyte යන කාණ්ඩ දෙකෙහි සංකලනයන් හරිත ඇල්ගි වල (Chlorophyta) දක්නට ඇති අතර මෙහි වඩාත් පැහැදිලි නොවු කාණ්ඩය එක්ව ගත් කල හරිත ශාක හෝ viridiplantae ලෙසට හැඳින්වේ. ශාක රාජධානිය මෙකි ඒකවංශික වර්ගි කරණයට අයත්වෙයි. හරිත ඇල්ගි වල ඇති යම්යම් වෙනස්කම් හැරුණු කොට ඉහත කී සියළ

මොනවද මේ අයනික බන්දන???

Image
මොනවද මේ අයනික බන්දන??? අයනික බන්ධනයක්  යනු  ස්ථිති විද්‍යුත් ආකර්ෂණ  යට‍තේ  කැටායන  සහ  ඇනායන  අතර ඇතිවිය හැකි රසායනික බන්ධන වර්ගයකි. එනම් ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර ආකර්ෂණයෙන් සෑදෙන බන්ධනයක් වේ. ලෝහ ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් මුදාහරිමින් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත ධන ආරෝපිත අයන හෙවත් කැටායන සාදයි. මෙසේ ලෝහවලින් ඉවත් කරන ඉලෙක්ට්‍රෝන අලෝහවලට ඇතුළු වී ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත සෘණ ලෙස ‍ආරෝපණය වූ අයනයන් අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ශන බල හේතුවෙන් මෙම අයන එක්වීමෙන් ද බන්ධන සාදනු ලැබේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය මේසලුණු හෙවත්  සෝඩියම් ක්ලෝරයිඩ්  සලකා බැලු විට,  සෝඩියම්  හා  ක්ලෝරීන්  එකතු වීමේදී සෑම සෝඩියම් පරමාණුවක්ම  ඉලෙක්ට්‍රෝන  එක බැගින් ඉවත් කරමින් කැටායන ( {\displaystyle Na^{+}} ) සාදන අතර සෑම ක්ලෝරීන් පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ලබාගනිමින් ඇනායන ( {\displaystyle Cl^{-}} ) සාදයි. මෙසේ සෑදුණු අයන එකිනෙක සමග 1:1 අනුපාතයට ආකර්ෂණය වීමෙන් සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) සාදනු ලැබේ. {\displaystyle Na+Cl\rightarrow Na^{+}+Cl^{-}\rightarrow NaCl}

රතු රුධිරාණුව නුඹ නම් අරුමයකි!

Image
රතු රුධිරාණුව නුඹ නම් අරුමයකි! ඔබේ රුධිරයේ වැඩිපුරම තිබෙන සෛලය නිසයි රුධිරයට රක්ත වර්ණයක් ලැබෙන්නේ. ඒ නිසා එම සෛල හඳුන්වන්නේ රතු රුධිරාණු කියලා. ඔබේ එක ලේ බිංදුවක රතු රුධිරාණු මිලියන ගණනක් තිබෙනවා. අන්වීක්ෂයකින් එක් රතු රුධිරාණුවක් දෙස බැලුවොත් එය පෙනෙන්නේ උලුඳු වඩයක් ආකාරයටයි. නමුත් සිදුරක් නැහැ. එහි මැද යන්තම් ඇතුළට එබී තිබෙනවා. එක් සෛලයක හිමොග්ලොබින් අණු මිලියන ගණනක් තිබෙනවා. සෑම හිමොග්ලොබින් අණුවක්ම හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර් පරමාණු 10,000ක්ද රුධිරයට ඔක්සිජන් රැගෙන යෑමේ හැකියාව ලබාදෙන යකඩ පරමාණු හතරකින්ද සමන්විතයි. හිමොග්ලොබින් අණුව පෙනුමෙන් ගෝලාකාරයි. ඔබ පිට කරන කාබන්ඩයොක්සයිඩ් පෙනහලුවලට රැගෙන ඒමට හැකි වන්නේ හිමොග්ලොබින්වල පිහිටෙනුයි.